Google Photos වල Locked Folders භාවිතා කරන්නේ කොහොමද…?

 


ගිය මාසෙ ගූගල් I/O 2021 සංවර්ධක සමුලුවේදි Google photos සදහා locked folder එකක් එක් කරන බව නිවේදනය කරා. එහිදි සමාගම පැවසුවේ Locked folder මුලින්ම පික්සෙල් දුරකථන වෙත පැමිනෙන බවත් අනිකුත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා මේ වසර අවසානයේදි නව අංගය ලැබෙනු ඇති බවයි.

ඉතින් මේ ලිපියෙන් බලමු කෙහොමද photos/videos hide කරන්නෙ කියලා මේ locked folder එක තුල.
පටන් ගන්න කලින් මතක තියා ගන්න Locked folder feature එක දැනට තියෙන්නෙ Pixel 3 series හා ඊට පසු ඒවාට විතරයි.

1. මුලින්ම ඔයාලා Locked folder එකක් හදාගෙන ඉන්න ඕනි.
ඒකනිසා Google photos එකට ගිහින් Library ටැබ් එකට යන්න. දැන් Utilities සෙක්ෂන් එකට යන්න.

2. දැන් එතනට ආවම ටිකක් යටට වෙන්න Locked folder option එක තියනවා ” organize your Library” සෙක්ෂන් එක යටතේ.

3. ඔයාට Screen Lock එක දෙන්න වෙනවා Locked folder එකට ඇක්සස් වෙන්න. දැන් ඔයාට පුලුවන් මේ ෆෝල්ඩර් එකට ඔයාගෙ files දාන්න.

• කොහොමද photos මේ folder එකට Move කරන්නෙ.

මුලින් ⁣media සිලෙක්ට් කරගෙන දකුණු පැත්තෙ උඩම ඩොට් තුන ටැප් කරන්න.දැන් Move to Locked Folder එක දෙන්න.

• photos ඩිරෙක්ට්ම folder එකට දාමු

ඔයාගාව Pixal phone එකක් තියෙනවනම් photos ඩිරෙක්ට්ම මේ folder එකට දාන්න පුලුවන්.

1.ෆෝන් එකේ කැමරාව ඕපන් කරගෙන දකුණු පැත්තෙ උඩම තියන Folder icon එක ටච් කරන්න.

2.දැන් photo gallery හා Locked folder කියලා ඔප්ෂන් දෙකක් දකින්න පුලුවන්.
දැන් ඒකෙ Locked folder එක දෙන්න.
දැන් ඔයාලා photo එකක් ගත්තු ගමන් automatically gallery එකෙන් hide වෙලා locked folder එකට යනවා.

 මේකෙ සීමාවන් මොනවද…?

මේකෙ විශේෂ සීමාවන් තියනවා, ඔයා මේක use කරන්න කලින් දැනගන්න එක වටින⁣වනෙ.

Hide කරපු සේරම photos locally ගබඩා වෙලා තියෙන්නෙ. ඒවගේම ඔයාගෙ ඩිවයිස් එක හරහා hidden files Google photos සමග Sync කරන්න බැහැ.
ඒකෙ ප්‍රථිපලයක් විදියට ඔබට Locked folder එකට Move කරපු ගමන් cloud එකට බැකප් කරන්න බැහැ. දැනටමත් බැකප් කරලා තියෙනවනම් Google photos මේ ලිපිගොනු වල cloud backup Delete කරලා දානවා.

ගූගල් විසින් ඔබගේ ඡායාරූප හා වීඩියෝ අහම්බෙන් නිරාවරණය වීම වැලැක්වීමට මේ පියවර අරගෙන තියනවා.
ඊට අමතරව මේ Hidden media ඔබගේ memories වලින් automatically remove කරන අතර ඒවා තවදුටත් Google Smart Displays වල පෙන්නන්නෙ නැහැ.

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post