GTA V ඇතුලු Free ගේම්ස් රැසක Cryptojacking malware – ලොව පුරා පරිගණක 220,000 ආසාදනය වෙයි.


 


GTA V වැනි ගේම්ස් ඩවුන්ලෝඩ් කිරීමේ ප්‍රතිථලයක් ලෙස පරිගණකය තුල ගුප්ත කේතකරන(Cryptomining) software ස්ථාපනය කරන “Crackonosh” නම් Malware එකක් පරිගණක 220,000කින් සොයාගෙන තිබෙනවා.

2018 සිට පැවත එන්නක් වන Crackonosh හොයාගෙන තියෙන්නෙ Forums හා torrent site වලින් free ලබාදෙන ගේම්ස් වල අඩංගුව තිබියදියි.
මෙතෙක් හදුනාගත් ගේම්ස් ලෙස Grand Theft Auto V, NBA 2K19,Farcry 5 හා Pro Evolution Soccer 2018 හදුන්වන්න පුලුවන්.

අාසාදනය වූ පසු Malware එක මගින් පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව Mines Monero software ස්ථාපනය කරනු ලබනවා.
එමෙන්ම මෙයින් එහි නිර්මාතෘ වරුන් ඩොලර් මිලියන 2කට වැඩි මුදලක් උපයා ඇතැයි සැක පල කරනවා.

Crakonosh යන්නෙහි අරුථ “කදුකර අාත්මය” යන්නයි.

ඒ වගේම Critical windows system files ප්‍රතිස්ථාපනය කිරීමෙන් හා Windows safe mode අනිසි ලෙ85ස භාවිතා කිරීමෙන් Crackonosh ස්ථාපනය වන බව Avast සදහන් කරනවා.

මේ වන විට රටවල් දුසිමකට වඩා වැඩි ගණනක Crackonosh සොයාගෙන තිබෙනවා.

Philippines: 18,448 victims


Brazil: 16,584 victims


India: 13,779 victims


Poland: 12,727 victims


United States: 11,856 victims


United Kingdom: 8,946 victims


 


Bitcoin හා Monero වැනි විද්‍යුත් මුදල් සයිබර් අපරාධ කරුවන් අතර ජනප්‍රිය මුදල් වර්ගයක් වෙනවා, ඊට හේතුව එම මුදල් ⁣Trace කිරීම ඉතා දුෂ්කර වීම.

JavaScript මත පදනම් වූ Monero miners වසර කීපයකට කලින් සර්විස් කීපයකම ස්ථාපනය කර තිබියදි හොයාගෙන තිබුනා. කෙහොම උනත් Cryptojacking පහව ගොස් නොතිබුනත් Coinhive 2019 දී වසා දැමුනා.

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post