Ransomware සෙල්ලම තව දුරටත්..

 


Computer code on a screen with a skull representing a computer virus / malware attack.

ඔබ දකින්න ඇති පසුගිය දවස්වල සමාගම් කීපයකට වගේම පුද්ගලයන් විශාල ප්‍රමාණයනට රැන්සම්වෙයා Attacks එල්ල කරලා තිබුනා හැකර්වරුන් විසින්.
උදාහරණයක් විදියට Apple වලට වක්‍ර ප්‍රහාරයක් යොමු කිරීම, CD Project Red සිද්ධිය හා Acer හට කරපු ප්‍රහාරය දක්වන්න පුලුවන්.

මේ පිලිබදව අනතුරු අගවලා තිබුනත් සංවිධාන කීපයක් මිලියන ගණනක මුදල් කප්පම් මෘදුකාංග කල්ලි වලට දීලා තිබුනා.

නමුත් මුදල් ගෙවූ පසු එවැනි ප්‍රහාරයක් නැවත නොවේවිද..?

ඇත්තෙන්ම නැහැ,
Ransomware Attack සදහා ගොදුරු වූවන්ගෙන් අඩක්ම නැවත එම හැකර් වරුන්ගේම ප්‍රහාරයට ලක් වෙලා තියනවා.

Censuswide(via ZDNet) හරහා කරපු අධ්‍යයනයකින හෙලිවුනෙ කප්පම් මුදල් ගෙවූ සමාගම් වලින් 80% පමණ දෙවන ප්‍රහාරයකට ලක්ව ඇති බව, ඉන් 46% ක්ම එකම කණ්ඩායමක ප්‍රහාරයන් බවයි විශ්වාස කරන්නෙ.

කොටින්ම එක් සමාගමක් මොවුන්ට ක්‍රිප්ටෝ ඩොලර් මිලියන ගනනක් ගෙවූ පසු සති දෙකක් තුල එම හැකර්වරුන්ම දෙවෙනි ප්‍රහාරයක් එල්ල කරලා තියනවා.

ඇතුලු ලොව විශාලතම Meat Processor එක වන JBS ඩොලර් මිලියන 11ක මුදලක් මොවුන්හට ගෙවා තිබුනා. එයින් ඩො.මිලියන 2.3 නැවත අයකරගැනීමට සමත් උනත් ප්‍රහාරය පිටුපස සිටියවුන් ඩො.මිලියන 4.4 ලබාගෙන තිබුනා.

2031 වන විට Ransomware ප්‍රහාරයන් සදහා ඩොලර් බිලියන 265 ක් වැය වනු ඇති. – Cybersecurity Ventures

දෙවෙනි ප්‍රහාරයකට ලක් වෙන එක වගේම තවත් ගැටලු මේකෙදි තියනවා.
විශේෂයෙන්ම නැවත ලබාගත් දත්ත 46% ක් පමණ දූෂිත වී තිබෙනවා. 51% ක් හානියකින් තොරව ලබාගත්තද 3% ක දත්ත කිසිසේත්ම ලබාගත නොහැකි තත්වයට පත්වී තිබුණා.

ඒවගේම පසුගිය වසරේදි Ransomware Attacks 100% ක වැඩිවීමක් දක්නට ලැබෙනවා.

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post