HomeTECH NEWS Oppo සමාගමේ Folding Phone එකේ විස්තර ලීක් වෙයි... byTECH OSHAN •October 25, 2021 0 OPPO සමාගම විසින් Foldable Smartphone එකක් හඳුන්වාදීමට සූදානමින් සිටින බව බොහෝ කාලයක සිට නිළ නොවන ආරංචි හරහා වාර්තා වූ අතරපසුගිය මාසය අවසානයේදී OPPO සමාගම විසින්ම මේ පිළිබඳ තහවුරු කිරීමට කටයුතු කරනු ලැබුවා.කොහෝම නමුත් විශ්වාසදායක leaker කෙනෙකු වන Digital Chat Station විසින් OPPO සමාගමේ පළමු Foldable Smartphone එක පිළිබඳව තොරතුරු කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.ඔහු පෙන්වාදෙන ආකාරයට OPPO සමාගමේ පළමු Foldable Smartphone එක Huawei Mate X2 device එකට බොහෝදුරට සමාන වනු ඇති අතර එයට 2K+ resolution එකකින් සහ 120Hz refresh rate එකකින් සමන්විත අඟල් 7.8 – 8 ක් පමණ වන, foldable OLED display එකක් අන්තර්ගත වනු ඇති බවයි.එහි Rear Camera එක ලෙස 50MP Sony IMX766 Primary Camera එකක් සහ 32MP Front-facing Camera එකක් මෙන්ම,Side-Mounted Fingerprint Sensor එකක්ද අන්තර්ගත වනු ඇතැයි අනුමාන කෙරෙනවා.මෙම දුරකතනය Qualcomm Snapdragon 888 chipset එකකින් බලගැන්වෙනු ඇතැයි අනුමාන කෙරෙන අතර, tipster විසින් සඳහන් කරන ආකාරයට මෙම device එකෙහි Android 11 මත පදනම්ව ColorOS 12 ධාවනය වනු ඇත.OPPO සමාගම විසින් මෙම Smartphone එක එළිදැක්වීමට නියමිත දිනයක් පිළිබඳව තවමත් නිළ වශයෙන් දැනුම් දී නොතිබුණද බොහෝදුරට, මෙය 2022 වසරේ පළමු භාගයේදී එළිදක්වනු ඇතැයි අනුමාන කෙරෙනවා. Tags: TECH NEWS TECHNOLOGIES Facebook Twitter