Google Drive beta හි නව search Filters පරීක්‍ෂා කිරීමට Google සමාගම සූදානම් වේ, එය ඔබ සොයන file එක නිවැරදිව සොයා ගැනීමට පහසු කරන බවට වාර්තා වෙයි. "search chips" ලෙස නම් කර ඇති මෙම විශේෂාංගය Google Drive interface එකේ ඉහළට filters පේළියක් ද ඇති බව වාර්තා වෙයි. file type එක, last modification date එක, වැනි දේවල් මගින් ඔබේ searches සීමා කිරීමට ඔබට ඉඩ සලසන බවට වාර්තා වෙයි.
Google Drive හි දැනටමත් search filtering options කිහිපයක් ඇත, නමුත් ඒවා සාපේක්ෂව basic වන අතර search bar එකේ sub-menu එකක hide ඇති බව වාර්තා වුවද, ඊට ප්‍රතිවිරුද්ධව, නව search chips ඉදිරිපස සහ මැදත් ඉදිරිපත් කර ඇති අතර, ඒවා පුළුල් පරාසයක filtering options ඉදිරිපත් කිරීමට සූදානම් බව පෙනී යයි. පසුගිය වසරේ මුල් භාගයේදී Gmail හි මෙයට සමාන විශේෂාංගයක් හඳුන්වා දුන් බවද වාර්තා වෙයි.
ඔබ නව Google Drive search chips Beta උත්සාහ කර බැලීමට කැමති නම්, මෙම sign-up form එක පුරවා Google සමාගම වෙත යොමු කරන්න. මෙම Search chips පහසුකම G Suite Basic සහ Business customersලා ඇතුළුව සියලුම Google Workspace පරිශීලකයින්ට ලබා ගත හැක.
Via : The Verge
source-banzgek.com