Twitter ආයතනය සියලු iOS පරිශීලකයින්ට තෝරාගත් Creators ලා Super Follow කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මෙම විශේෂාංගය, සැප්තැම්බර් මාසයේදී ප්‍රථම වරට නිකුත් කරන ලද අතර US, ජනපදයේ සහ කැනඩාවේ පමණක් ලබා ගත හැකි අතර, පරිශීලකයින්ට ඔවුන්ගේ Twitter ගිණුමෙන් මුදල් ඉපැයීමට සහ මාසික subscription හරහා සුවිශේෂී content එකක් නිර්මාණය කිරීමට ඉඩ සලසයි.
we know what you’re thinking—“what’s Super Follows and I hope there’s a thread explaining everything.”
— Super Follows (@SuperFollows) September 1, 2021
well you’re in luck, here’s a 🧵 pic.twitter.com/aXN7rHJXaT
Twitter ආයතනය විසින් ප්‍රථම වරට පෙබරවාරි මාසයේදී Super Follows ප්‍රකාශයට පත් කරන ලද අතර සැප්තැම්බර් මාසයේදී තෝරාගත් Creators ලා වෙත එය ඉදිරිපත් කරන ලදී. SensorTower එකට අනුව පළමු සති දෙක තුළ ඩොලර් 6,000 ක පමණ subscribers ලා මෙයට දායක වී තිබෙනවා.
Super Follows සඳහා උනන්දුවක් දක්වන පරිශීලකයන් Super Follows requirements අනුව අවම අවශ්‍යතා සපුරාලිය යුතුය. ඔවුන් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතුය, අවම වශයෙන් subscribers 10,000 ක් සිටිය යුතුය, පසුගිය දින 30 තුළ අවම වශයෙන් 25 වතාවක් tweet කර තිබිය යුතුය. ඔවුන් සෑම දින 30 කට වරක් අවම වශයෙන් tweet 25 ක් පළ කළ යුතු බව ඔවුන් පවසයි.
Twitter ආයතනය විසින් සියයට 3ක් ඔවුන් ලබාගන්නා අතර, app එක තුළ මිලදී ගැනීමේ ගාස්තුවෙන් පසු ඔවුන්ගේ Super Follows subscription එකෙන් ආදායමෙන් සියයට 97ක් දක්වා උපයා ගැනීමට පරිශීලකයින් සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, පරිශීලකයෙකු $50,000 උපයන්නේ නම්, ඔවුන්ට app එක තුළ මිලදී ගැනීමේ ගාස්තුවෙන් පසු ආදායමෙන් සියයට 80 ක් දක්වා උපයා ගත හැකි අතර, Twitter ආයතනය අනාගත ඉපැයීම්වලින් සියයට 20 දක්වා එහි කොටස වැඩි කරනු ඇත.
Super Followersලට bonus content එකට ප්‍රවේශය තිබිය යුතු අතර පහසුවෙන් හඳුනාගත හැකි badge ලබා ගත යුතුය.
Super Follows ව්‍යාප්ත කරන බැවින් ඉදිරියේදී Android සහ web භාවිතා කරන්නන් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව Twitter ආයතනය පවසයි.
Via : The Verge.
source - baunzgeek .com