
Python හරහා Games සෑදීමට PyGame භාවිතා කරනවා.
ඇත්තෙන්ම Pygame යනු video games සෑදීම සඳහා නිර්මාණය කර ඇති Python modules cross-platform එකකි. Python programming language එක සමඟ භාවිතා කිරීමට නිර්මාණය කර ඇති computer graphics සහ sound libraries එයට ඇතුළත් වේ.
1 පියවර
පලමුව ඔබ Start Menu එකට ගොස් Command Prompt කියලා search කරන්න.

2 පියවර
ඉන්පසු Command Prompt Open කරගන්න.

3 පියවර
ඉන්පසුව ඔබේ Python Version එක බලාගන්න මේ Code එක type කරලා enter දෙන්න. python --version

ඔබේ Python Version එක 3.9.0 ට වඩා අඩුනම් ඔබ මෙම වෙබ් අඩවියට ගොස් නවතම Python Version එක install කරගන්න
4 පියවර
ඉන්පසු ඔබේ Python Version එකට අදාල pip Version එක බලා ගැනීමට මෙම Code එක type කරලා enter දෙන්න pip --version

5 පියවර
දැන් අපි අපේ වැඩෙන් හතරෙන් තුනක්ම කරලා ඉවරයි අවසාන පියවර ලෙස, PyGame ඔබේ පරිගණකයට install කරගමු, ඒකට මේ Code එක type කරලා enter දෙන්න pip install pygame
ටික වෙලාවකට පස්සේ ඔබේ පරිගණකයට PyGame Install වෙනවා.

Images: thecoderworld
Source - Banzgeek.com