Cyber වැඩ්ඩෝ අපේ ගමන.


මෙතෙක් කල්, Cyber වැඩ්ඩෝ ඇරඹුනේ කොහොමද, Cyber වැඩ්ඩෝ ගොඩනැගුනේ කොහොමද කියන එක ගැන විස්තරයක් අපි අපේ සිංහල පරිශීලකයන් සමඟ බෙදාගෙන නෑ. ඒ අඩුපාඩුව පාඨක ඔබ වෙනුවෙන් සම්පූර්ණ කරන එක Cyber වැඩ්ඩෝ එක නිර්මාණය කරපු මගේ වගකීමක්. ඉතින්, Cyber වැඩ්ඩෝ අපේ කතාව ඔබ සමඟ බෙදාගත යුතු කාලය මේ යැයි මම හිතුවා.


Cyber වැඩ්ඩෝ ඇරඹුනේ 2021 දී. ඒ,යලුවන් අතර කතා බහ කිරීමට මා විසින් සෑදූ whatsapp සමූහයක් හරහා,එතකොට අපේ Team එකේ 4 දෙනෙක් විතරයි හිටියෙ.එහෙම ටික දවසක් යනකොට whatsapp සමූහයට අලුතින් members ල ටිකක් Add කරගත්ත.ඒත් ලොකු ප්‍රමාණයක් හිටියෙ නෑ.ඉතින් ඒ Whatsapp සමූහය අපි නම තිබ්බෙ Ict වැඩ්ඩෝ කියල.මම ටිකක් Tech News කියවන්න ආස කෙනෙක් ඒක නිසා ලංකාවෙ අනෙකුත් ප්‍රධානපෙලේ වෙබ් අඩවි වල තියෙන News මම කියෙවුව.මම පසුව ඒවගෙන් කොපු කරල මේ Group එකට දැම්ම.එහෙම දාපු මගේ Group එක Members ල 70-80 අතර ප්‍රමාණයකට වැඩි උනා.එහෙම මම News දාල දාල කොහොම හරි මාසයක් වගේ යනකොට අපේ Whatsapp සමූහයට යම් කිසි කණ්ඩායමක් Spam ප්‍රහාරයක් එල්ල කලා.ඒ Spam ප්‍රහාරය හින්ද සමහර members ලගෙ phone වැඩ කරන්නෙ නැතුව ගියා,phone struck වෙන්න ගත්ත වගේ දේවල් උනා,ඊට පස්සෙ ආයෙත් අපි 4 දෙනා තව Group එකක් හැදුව.ඒ හැදුවට කිසිම වැඩක් උනේ නෑ මොකද කිසිම කෙනෙක් ආයෙ අපේ සමූහයට ආවෙ නෑ "එදා අපි 4 දෙනාගෙන් කිහිප දෙනෙක්ට තේරුනා අර Spam එක හින්ද තමයි මේ සමූහය පාලුවට ගියේ කියල.

එහෙම ගමනක් ඇවිල්ල ආයෙත් අපි 4 දෙනාත් එක්ක ආයෙත් සමූහයක් හැදුව.ඊට පස්සෙ තමයි අපේ කතාවෙ හොදම ටික පටන් ගන්නෙ.


හරි,ඊට පස්සෙ ආයෙත් ඉසෙල්ල කියපු විදියටම මම News දැම්ම.ඊට සති දෙකකට විතර පස්සෙ මට නිකමට ආපු අදහසකට මම මේකට Cyber වැඩ්ඩෝ කියල නම දැම්ම.ඒ මුලින්ම තිබුන logo එක තමයි මේ පල්ලෙහා මම දාල තියෙන්නෙ.



හරි ඔහොම මාසයක් දෙකක් ගිහිල්ල මම Logo එකක් හැදුව ඒ තමයි දැන් තියෙන Logo එක.



ඒකත් දාල මම Blog එකටත් News publish කර කර මම දැම්ම.පස්සෙ ආයෙත් අපේ සමූහයට Spam ප්‍රහාරයක් එල්ල වූ නිසා Whatsapp සමූහය අතහැර දමන්න සිද්ද උනා.පස්සෙ මට whatsapp සමූහ එපා වෙච්ච හින්ද මම ඔක්කොම අතහැරිය. ( අතහැරිය කියන්නෙ News දාන ඒව,whatsapp සමූහ නිර්මාණය කිරීම වගේ දේවල්)


ඊට පස්සෙ තමයි මම Telegram වලට එන්නෙ.Telegram එකට ආපු මම මුලින්ම Telegram channel එකක් හැදුව.එහෙම හදල ඒකට Newa Blog එකේ publish කරල Link ටික දැම්ම.එහෙම දාල පස්සෙ Telegram සමූහයක් මම හැදුව.ඒ විදියට හදල තමයි දැන් අපි මේ ඉන්න තැනට ආවෙ.


ඊට පස්සෙ තමයි 2021 දෙසැම්බර් 25 වෙනිද අපේ වෙබ් අඩවිය ආරම්භ කලේ.


ආරම්භක සමයේ දී අප්‍රසිද්ධ, කුඩා පැතිරීමක් තිබූ තවත් එක් වෙබ් අඩවියක් වුණු අපි, ප්‍රවර්ග කීපයකට පමණක් සීමා වී සිටියා.නමුත්අද වන විට දිනකට වෙබ් අඩවි පරිශීලකයන් විශාල ප්‍රමාණයක්  සිටින වෙබ් අඩවියක් වෙන්න අපට හැකියාව ලැබිල තියෙනව.

හැබැයි දැන් ඉස්සර වගේ ලංකාවෙ වෙනත් වෙබ් සයිට් වලින් Copy කරන්නෙ නෑ.දැන් මම සහ අපේ Author කණ්ඩායම ලියන News තමයි publish කරන්නෙ.

ශ්‍රී ලාංකික අපි දියුණු වන්නට සිහින දකින ජාතියක්. නමුත් යමෙකුට තිබිය යුත්තේ සිහින නොව, අරමුණු බව Cyber වැඩ්ඩෝ අපි විශ්වාස කරනවා. සිහින සැබෑ වන්නට හෝ නොවන්නට පුළුවන්. නමුත් වෙහෙසවන්නෙකුට අරමුණු සාක්ෂාත් කරගැනීම අපහසු නැහැ. Cyber වැඩ්ඩෝ ලෝකය ඉදිරියට යා යුතු වුණා. ශ්‍රී ලාංකික අපට කළ හැකි දේ මෙයය යන්න ලෝකය දැකිය යුතු වුණා.ඒක නිසාම අපි අපේ Androd යෙදුම නිර්මාණය කලා.දැන් අපේ Android යෙදුම ද Google playstore හරහා Install කරගැනීමේ හැකියාව සියලු දෙනා සතු වනවා.


මේ හැම තිස්සෙම කිවුව හතර දෙනා කවුද?

1.Oshan (ඒ කියන්නෙ මේ Article එක ලියපු කෙනා)

2.රමීෂ ( Ict වැඩ්ඩෝ සමූහයේ මුල්ම නිර්මාතෘ )

3.සසිදු ( අපේ Big Member කෙනෙක් )

4.මින්දීප (එයත් අපේ Big member කෙනෙක්)

ලාංකිකයා දැනුම සෙවීමේ පිපාසයෙන් පෙලෙන්නෙක්. ඉස්සර පොතපතින් ලබාගත් දැනුම, අද වන විට අන්තර්ජාලය හරහා වෙබ් අඩවි අඩවි වලින් ලබාගන්නා තැනට ඇවිත් තියෙනවා. ඉංග්‍රීසි කියවන පාඨකයාට දැනුම ලබාගැනීමට අපමණ දේශීය සහ විදේශීය වෙබ් අඩවි තිබුණත්, සිංහල පාඨකයාට මෑතක් වනතුරුත් ඒ වාසනාව හිමිවුණේ නැහැ. විශ්වාසනීය, රසවත්, එමෙන්ම නව තාක්ෂණික දැනුම සපයන වෙබ් අඩවි වල මදකම මෙන්ම, විශ්වාසනීයත්වයෙන් අඩු, නිරවද්‍යතාවයෙන් අඩු ප්‍රවෘත්ති සහ ඕපාදූප පල කරන,නිසා පල කරන තොරතුරු සම්බන්ධයෙන් වගකීමක් ද රහිත වෙබ් අඩවි බහුල වීම මෙයට හේතුවක් ලෙස දකින්න පුළුවන්. ඒ හිස්තැන පුරවන්නට Cyber වැඩ්ඩෝ සෑම විටම උත්සාහ කරන්නේ ලාංකික පාඨකයාට ඉහළ ප්‍රමිතියකින් යුතු තොරතුරු ලබාදීම ලංකාවේ ලියාපදිංචි වෙබ් අඩවියක් වශයෙන් අපගේ වගකීම ද, ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ යුතුකම ද බව අප විශ්වාස කරන නිසා යි.

මුදල් සහ ප්‍රසිද්ධිය පසුපස හඹා යන වෙබ් අඩවියකට නම් අවශ්‍ය වන්නේ ගොසිප්, මඩ ප්‍රචාර යන මෙයින් සියල්ල හෝ එකක් විකිණීම පමණ යි. නමුත් Cyber වැඩ්ඩෝ අපි, ශ්‍රී ලාංකික අනන්‍යතාවය ‍රැකගෙන, “ලාංකිකයින් දැනුමෙන් සපිරි, නව තාක්ෂණය සමග ඉදිරියට යන බුද්ධිමත් ජාතියක්” බව ලොවට කියාපෑම අරමුණු කරගත් සන්නාමයක්. එම අරමුණ දිනීමට කැමැති ලාංකිකයින් පිරිසක් අප සමග ඉදිරියේදී එක් වේවි කියා සිතනවා මෙන්ම, මහන්සියෙන් Cyber වැඩ්ඩෝ ගොඩනගන්නේ දකුණු පලාතෙන් ඔබ්බට, මුළු ලෝකයම ජයගන්නයි.

Cyber වැඩ්ඩෝ හි අපට, තාක්ෂණික පුරුෂාර්ථයන් කීපයක් සපයනවා: සත්‍යවාදී බවේ තාක්ෂණ ගර්ජනාව, (cyber වැඩ්ඩෝ අප සෑමවිටම විශ්වාසනීය සහ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා), සම්භාවනයේ තාක්ෂණික ගර්ජනාව, ( cyber වැඩ්ඩෝ ශ්‍රී ලාංකික හඬ ලෝකයටම ඇසෙන්නට සලස්වනවා), සහ දකුණු පලාතෙන් එපිටට ගොස් ලොවම දිනීමට අපව දිරිගන්වන අභිචේතනයේ තාක්ෂණික ගර්ජනය යි. මේ පුරුෂාර්ථයන්ට වටිනාකම් එක්වන්නේ පාඨක ඔබ නිසා යි. Cyber වැඩ්ඩෝ සමඟ ‍රැඳී සිටින පාඨක ප්‍රජාව අප ඉහළින්ම අගය කරන්නේ, ගරු කරන්නේ ඒ නිසා යි. ඔබ අප හා රැඳී සිටීම අපට ගෞරවයක් බව සලකන්නේ ඒ නිසා යි. ඉතින්,
cyber වැඩ්ඩෝ , ලංකාවට තාක්ෂණික තොරතුරු බෙදන වෙබ් අඩවි අතුරින් විශ්වාසනීය වෙබ් අඩවිය.

මහන්සි වී ගොඩනැගෙන ශ්‍රී ලාංකිකයින්ගේ වෙබ් අඩවිය.

තාක්ෂණය පසුපස ලොව ජයගන්නා ලාංකික බුද්ධිමතුන් කියවන වෙබ් අඩවිය.
Cyber වැඩ්ඩෝ , ශ්‍රී ලාංකික ඔබේ වෙබ් අඩවිය.

ඔබට ජය!

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post