
මේ අවුරුද්දෙ E3 ඉවෙන්ට් එකේදි ඉස්සරහට එන්න තියන ගේම්ස් ප්‍රකාශයට පත්කලා.
ඉතින් මේ ඉවෙන්ට් එකේදි ඉදිරිපත් කරපු සුපිරිම ගේම්ස් ටිකක් ගැන තමයි අද කියන්න යන්නෙ
ඊට කලින් කියන්නම් මොකක්ද මේ E3 2021 කියන්නෙ කියලා.
E3 2021 කියන්නෙ 26 වෙනි E3 එක. මේකෙදි දෘඩාංග නිශ්පාදකයින්, මෘදුකාංග සංවර්ධකයින්,වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයේ ප්‍රකාශකයින් තමන්ගේ ඉදිරියට එන product ඉදිරිපත් කරන තැනක්.
මේ ඉවෙන්ට් එක Entertainment Software Association එකෙන් තමයි Organize කරන්නෙ.
මේකගැන පොඩි අදහසක් එන්න ඇතිනෙ,
දැන් යමු ගේම් ටික බලන්න.
1.Starfield
Starfield කියන්නෙ අවුරුදු 25 කට පස්සෙ Bethesda වල first major universe එක.
මේක පලමු වරට නිවේදනය කරන්නෙ 2018දියි.
නමුත් අද වනතුරු ක්‍රීඩාව ගැන වැඩි විස්තරයන් ප්‍රකාශයට පත්කරලා නොතිබුනත් E3 2021 ඉවෙන්ට් එකේදි ගේම් එකේ මිනිත්තු දෙකක ටීසර් එකක් නිකුත් කරා. අපි බලාපොරොත්තු වෙන දේ ගැන පොඩි අදහසක් මේකෙන් බලාගන්න පුලුවන්.
ට්‍රේලර් එකෙන් පේන්න තියෙන්නෙ Spaceship එකකට නැගලා අභ්‍යවකාශයෙ ගවේශයන් කරන “CONSTELLATIO” ටීම් එකේ ගගනගාමීයෙක්.
Starfield කියන්නෙ බහුවිධ ලෝකවල පිහිටුවලා තියන විද්‍යාත්මක අභ්‍යවකාශ ගවේශන භූමිකාවක් කියලා කියන්න පුලුවන්. මේකෙදි ක්‍රීඩකයන්ට තමන්ට අවශ්‍ය ඕනම චරිතයක් නිර්මාණය කරන්න, සීමාවන් නොමැතිව ගවේශනය කරන්න පුලුවක්.
2018 E3 ඉවෙන්ට් එකේදි අධ්‍යක්ෂ ටොඩ් හොවාර්ඩ් නම් කිව්වෙ Starfield කියන්නෙ “බලාපොරොත්තුව හා මනුශ්‍යත්වය” ගැන වීර කාව්‍යයක් කියලා.
Publisher, Developer – Bethesda Softworks
Platforms – Xbox Series X|S|One, Windows PC
Release Date – Nov 11, 2022
2.Elden Ring
මෙකෙත් පලවෙනි ට්‍රේලර් එක මේ E3 event එකේදි තමයි නිකුත් කලේ.
ටිකක් හොල්මන් ගතියකුත් තියනවා ගේම් එකේ. මේක නිකුත් කරන්නෙ FromSoftware එකෙන්.
නිකුත් කරපු ට්‍රේලර් එකත් CEO Hidetaka Miyazaki ගේ සම්මුඛ සාකච්චාවත් එක්ක ගේම් එක ගැන හුගක් දේවල් අනාවරනය උනා.
ගේම් එක පැත්තට ගියොත් මේක Hybrid එකක්, භයානක ජීවින් හා සිත්ගන්නාසුලු චරිතවලින් යුත් මනක්කල්පිත ලෝකෙකට අපිව අරගෙන යනවා.
ගේම් එක ටිකක් දිග හින්දා Skills 100කට වඩා තියන Character හා Customization සිස්ටම් එකක් තියනවා.
ඒ වගේම Stealth හා Weather ඇතුලත්ව Multiplayer support ඇතුලත් කරලා තියනවා.
Publisher, Developer – BANDAI NAMCO, FromSoftware, Inc.
Platforms – (Xbox Series X|S|One), Windows PC
Release Date – Jan 21, 2022
3.Halo Infinite
Halo Infinite එකේ Multiplayer එක Free වගේම Cross Platform gaming හා progression සදහාත් Support කරනවා.
අලුත් Multiplayer mode එක Classic Halo combat සිස්ටම්වල Mix එකක් වෙනවා.
experience එක වැඩි කරන්න නව අංගයන් රැසකුත් මෙයින් ඉදිරිපත් කරනවා.
ට්‍රේලර් එකත් බලලම ඉන්නකො.
Publisher, Developer – Xbox Game Studios, 343 Industries
Platforms – (Xbox Series X|S|One), Windows PC
Release Date – Holiday Season, 2021
4.Legend of Zelda: Breath of the wild Sequel
ගේමර්ස්ලගෙ හදවත් දිනාගත්තු Legend of Zelda ගේම් එකේ පලමු ට්‍රේලර් එක නිකුත් කරන්නෙ 2019 දියි. නමුත් Nintendo ඒ පිලිබද වැඩි තොරතුරක් මේ වසරේ E3 වන තෙක් හෙලි නොකර සිටියා.
එමෙන්ම මෙය HD controler Switch එකක් එක්ක නැවත නිකුත් කරන්න කටයුතු කරමින් ඉන්නවා.
Publisher, Developer – Nintendo
Platforms – Nintendo Switch
Release Date – 2022
5.Forza Horizon 5
Forza horizon ගැන හැමෝම දන්නවනෙ. සුපිරිම driving experience එකක් ගන්න පුලුවන් ගේම් එකක් තමයි මේ.
අලුත්ම ගේම් එකට Landscape එක වෙන්නෙ මෙක්සිකෝව. ඉතින් මේක තවත් සුපිරිම Open world ගේම් එකක් වන බවට නොඅනුමානයි.
Publisher, Developer – Xbox Game Studios, Playground Games
Platforms – (Xbox Series X|S|One), Windows PC
Release Date – Nov 9, 2021
6. Battlefield 2042
මේකනම් හුගක්ම කතාබහට ලක්උන ගේම් එකක්නෙ.
මේකෙ විශේෂත්වය නම් මේකෙදි Single player campaign එකක් නැහැ.සම්පූර්ණයෙන්ම නෙට් එකට Blown up කරලා තියෙන්නෙ.
ට්‍රේලර් එකෙන් බලාගන්න පුලුවන් සටන් කොච්චර සුපිරිද කියලා බලාගන්න පුලුවන්. ඒවගේම අලුත්ම විපන්, වාහන වගේම පරිසරයත් බලාගන්න පුලුවන්.
මේක සිද්ධ වෙන්නෙ එක්සත් ජනපදයේ හා රැසියාව අතර යුද්දෙදි අතිමහත් සම්පත් හිගයක් තියන ලෝකෙක.
සටන මැද ක්‍රීඩකයන් drop කරනවා.
කාලගුණ පද්ධති මත ගොඩනගන ලද මැප් තියනවා වගේම සටත් වලදි අත්විද්න්න පුලුවන් small story ත් තියනවා මේකෙ.
මැප් එකක එකවර ප්ලෙයර්ස්ලා 128 දෙනෙකුට සෙල්ලම් කරන්න පුලුවන්.
ඒ වගේම මතකතියාගත යුතු කරුනනම් Battlefield 2042 ගේම් එක Battle royale ගේම් එකක් නොවන වග.
Publisher, Developer – Electronic Arts, DICE
Platforms – (Xbox Series X|S|One), (PS5, PS4), Windows PC
Release Date – Oct 22, 2021
7. Far cry 6
Far Cry 6 එක සෙට් කරලා තියෙන්නෙ නිවර්තන කලාපීය යාරා වල.
නිදහස ලබාගැනීමට කැමති විප්ලව වාදියෙක් වන ඩැනී රොජාස් ව තමයි අපිට ප්ලේ කරන්න තියෙන්නෙ.
ඇන්ටන් කැස්ටිලෝ තමයි මේකෙදි දුෂ්ටයා වෙන්නෙ.
කොහොම උනත් මේකෙදි විවිද නව මිත්‍රශීලි පුද්ගලයින්ගෙන් උපකාරත් ලැබෙනවා.
ට්‍රේලර් එකේ තිබුනු විදියට මෙහි බැක්පැක්,ජෙට්පැක්,රොකට් ලොන්චර් වගේ තුවක්කු ඇතුලත් වෙනවා බලාගන්න පුලුවන්.
අපේ combat එකඅනුව අවි ගබඩාව තෝරගන්න අවස්ථාව ලැබෙනවා.
Publisher, Developer – Ubisoft
Platforms – (Xbox Series X|S|One), (PS5, PS4), Windows PC, and Google Stadia
Release Date – Oct 7, 2021
8.Redfall
ක්‍රිඩකයන්ට අදුරු නමුත් අද්භූත කතා මාලාවන් නිකුත් කරන ආකේන් ස්ටුඩියෝස් ආපහු ගේමර්ස්ලා වැම්පයර් හන්ටර්ස්ලා බවට පත්කරන Redfall ගේම් එකත් එක්ක ආපු එක පුදුමයක්නම් නෙමෙයි.
මැසචුසෙට්ස් දූපත් නගරයක් වෙන Redfall හිදි මේ ගේම් එක පටන් ගන්නෙ. ඒකෙදි වැම්පයර් වැටලීමක් සිද්ධ වෙනවා, අපිට චැරැක්ටර්ස්ලා තෝරගන්න ලැබෙනවා වගේම හැම එක්කෙනාටම unique උන ස්කිල් එකක් ද තියනවා.
ඒ වගේම මේකෙද් අපිට යහලුවන් තිදෙනෙකුත් සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියනවා.
Publisher, Developer – Xbox Game Studios, Arkane Austin
Platforms – (Xbox Series X|S|One), Windows PC
Release Date – Summer, 2022
9. Avatat : Frontiers of pandora
ජේම්ස් කැමරන්ගේ රසිකයින්ට ඔන්නඅවස්ථාව, ubisoft හි ඉස්සරහට එන මාතෘකාවක් වෙන pandora ලෝකය ගවේශනය කරන්න අවස්ථාව මේකෙදි ක්‍රීඩකයන්ට ලැබෙනවා.
Publisher, Developer – Ubisoft, Massive Entertainment
Platforms – (Xbox Series X|S|One), (PS5, PS4), Windows PC
Release Date – Late 2022
10.Rainbow Six Extraction
කලින් මේක හැද්න්වුනෙ Quarantine කියලා, අවසානයේ Ubisoft නම වෙනස් කර ට්‍රේලර් එක නිකුත් කර තිබුනා.
මේකෙදි ක්‍රීඩකයන්ට වෙනස් Operator 18 දෙනෙකුගෙන් තෝරගන්න ඉඩ සලසනවා.
තෝරගත්තු ටීම් එක විවිද මැප් 12 කට අධික සංඛ්‍යාවක සටන් සදහා යොදවනවා.
මේක බැරෑරුම් මිෂන් බලාපොරොත්තු වෙන ප්‍ලේයර්ස්ලට නම් සුපිරිම ගේම් එකක්.
Publisher, Developer – Ubisoft
Platforms – (Xbox Series X|S|One), (PS5, PS4), Windows PC
Release Date – Sep 16, 2021
තවත් මේ වගේම ගේම් 10 ක් ඉස්සරහට අරන් එන්නම්.