ලොව පලමු GPU කෞතුකාගාරය විවෘත කරයි.

 


කෞතුකාගාරයක් පිරවීමට තරම් ඉතිහාසයක් GPU වලට තියනවා ඉතින් ඒ
මනඃකල්පිත අදහස, චීන දෘඩාංග නිෂ්පාදකයෙකු වන COLORFUL Nvidia සමග හවුල්ව ලොව ප්‍රථම GPU ඉතිහාස කෞතුකාගාරය ප්‍රකාශයට පත්කිරීමත් සමග යථාර්ථයක් බවට පත්වෙලා තියෙනවා.

මේ කෞතුකාගාරය Shenzhen new Generation කාර්මික උද්‍යානයෙ තමයි පිහිටලා තියෙන්නෙ. මෙහි 1980 සිට අද දක්වා Graphics processing unit වල දෘෂ්‍ය ඉතිහාසයක් අඩංගු වෙනවා.

Nvidia හි පලමු GeForce Card එක වන GeForce 256 ඇතුලු කර්මාන්තයේ වඩාත් වැදගත් නිෂ්පාදනද මේකට ඇතුලත් කර තිබෙනවා.

” ලොව පලමු GPU එක “

තාක්ෂනික රසිකයින්ට pre AMD ATL කාඩ්පත් බලාගන්න පුලුවන්.
Rage Fury Maxx ද ඇතුලුව Rage 128 PRO GPU යුගලයක් තනි පුවරුවක ඇතුලත් කර තියෙනවා. එය පලමු Dual GPU නිශ්පාදනයයි.

IBM,3Dlabs,Intel,S3,Trident,3Dfx හා වෙනත් අය විසින් නිර්මාණය කරන ලද ග්‍රැෆික් ඇඩැප්ටර්ද මෙහි ඇතුලත් වෙනවා. ඒවා සියල්ල වසර අනුව වර්ග කර තියෙනවා.

මෙහි GPU විතරක්ම අඩංගු නොවන අතර චීනයේ E Sports ඉතිහාසය හා ජයග්‍රහණයන් සදහාද වෙන්වූ කොටසක්ද ඇත. එමෙන්ම රටෙහි E Sports සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට 2008දී COLORFUL විසින් iGame sub brand එක ආරම්භ කරන ලදි.

මෙහිදි රසිකයින්ට Advanced racing simulator එකක් Multiple 8k displays හා chair,wheel pedals,force feedback ඇතුලත් full racing setup එකක් භාවිතා කිරීමේ හැකියාව ති⁣බෙනවා වගේම
Virtual reality ගේමින් අත්දැකීමක් ලබාගන්න “Advanced VR cockpit” එකක්ද තිබෙනවා.


Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post