
Googleලගෙ Pixel phone ගැන හැමෝම වගේ දන්නවා ඇතිනේ. 2016දි Pixel X/XL phone
දෙක release උනාම ඒ phone වල camera එක ගැන ගොඩක් අය කතා උනා. DXOmark
වගේ camera benchmarking system වල උඩටම එන්නත් Pixel X/XL phone දෙකට පුළුවන් උනා. Pixel X වගේම Pixel 2/2XL, Pixel 3/3XL, Pixel 3a/3a XL කියන අනිත් pixel phoneඋනත් හොඳ camera තියන phone කියලා ප්‍රසිද්ධයි. Pixel phone වල camera එක එච්චර හොඳ වෙන්න හේතුව ඒ Camera වල තියන HDR+.HDR+ වලින් photo එකේ dynamic range, details එහෙම හොඳට හදල දෙනව. (පහළ
photo බැලුවම HDR+ කියන්නේ මොකක්ද කියලා තේරේවි). HDR+ feature එකත් පස්සේ
අවුරුදු වල HDR+ Enhanced වගේ තව වැඩි දියුණු උනා.
HDR+ වගේ Google ලාගේ single camera එකෙන් ගන්න පුළුවන් Portrait mode, එළිය අඩු වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් Night Sight, Googleලාගේ Electronic Image
Stabilization (EIS) features එහෙමත් HDR+ වගේම ගොඩක් ප්‍රසිද්ධයි. Pixel වලට කලිනුත් PhotoSphere, Lens Blur වගේ features Nexus phone කාලෙ ඉදන් ප්‍රසිද්ධයි. මේ වගේ features එක්ක Googleලාගේ image processing හොඳ තත්වෙක තියෙනවා.

Google Pixel X/XL phone දෙකේ තියන Snapdragon 821 SoC එකයි, Sony IMX 378
Camera sensor එකයි තියන Xiaomi phone එකක් ආවා Xiaomi Mi5s එක. (මම පාවිච්චි කරන්නෙත් Mi5s එකක් ��). Mi5s එකට Pixel X එකේ camera sensor එකයි SoC එකයි දෙකම තියන නිසා Pixel එකේ image processing එකත් Mi5s එකට ගන්න හිතාගෙන B- S-G කියන developer තමයි මුලින්ම මේ Google Camera Mod එක හැදුවේ. ඒක 4PDA කියන රුසියානු forum එකෙන්, XDA forum එකෙන් ප්‍රසිද්ධ උනා. Mi5s එකට විතරක් නෙමෙයි Snapdragon 821 SoC තියන අනිත් devices වලටත් support කරා.

එතනින් පටන්ගත්ත Google Camera Mod එකට පස්සෙ Arnova8G2, Tolyan009, Savitar වගේ moddersල එකතු වෙලා අලුත් features එක්ක තවත් phone model වලට Google Camera Mod එක ගෙනාවා. මේ Google Camera Mod එක නිසා වෙන phone model වලටත් Pixel/Nexus phone වල තියන HDR+ Enhanced, HDR+, Night Sight, Motion picture, PhotoBooth, Google Playground (AR stickers), Portrait mode, Lens Blur camera features ගන්න පුලුවන් වෙලා තියනවා.
මේක Play Store එකෙන් ගන්න පුලුවන් Pixel phones වලට විතරයි. අනිත් phones වලට
support කරන විදියට විශේෂයෙන් හදපු mods වෙනම ගන්න වෙනවා.

කොහොමද Google Camera Mod එක දාගන්නෙ?
Google Camera Mod එක පාවිච්චි කරලා හොඳ photo එකක්ග න්න ඕන කරන දේවල් ගත්තොත්,
- Camera2API
- Phone එකට support කරන GCam mod එකක්
- Phone එකට ගැලපෙන විදියට settings හදාගන්න එක.
Google Camera Mod එකට ඕන ප්‍රධානම දේ තමයි phone එකේ Camera2API enable වෙලා තියෙන්න ඕන. GCam mod එක වගේ 3rd party camera software වලට ඕන advanced hardware support එක දෙන එක තමයි Camera2 කියන API එකෙන් කරන්නෙ. තමන්ගේ phone එකේ Camera2API enable වෙලාද කියලා බලන්න Camera2API Probe app (Click Here) එක පාවිච්චි කරන්න. ඒකෙ hardware support level එක Level_3 හරි Full හරි තියනවානම් GCam එක support කරනවා.Level_3/Full support නැත්නම් manually Camera2API enable කරගන්න වෙනවා.

ඒ වැඩේ හරිනම්, phone එකට ගැලපෙන GCam mod එක download කරගන්න ඕන. ඒකට හොඳම තැන තමයි celsoazevedo website එක. දැනට ආපු හැම mod එකම වගේ ඔය site එකේ තියනවා. Arnova8G2ගෙ GCam mod එකේ about menu එකෙත් ඔය site එකට link එකක් තියන තරමට ඔය site එක හොඳයි. Suggested versions කියලා තියන tab එකේ තියන versions ටික බලන්න. තව වෙනම phone model වලටම හදපු GCam mods තියනවා.
Mod එකක් දාගත්තට පස්සෙ settings හරියට හදාගන්න ඕන. ඒක තමන්ම එකින් එක test කරල හරි, වෙන පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහගෙන හරි, XDA එකේ threads බලලා හරි හදාගන්න වෙනවා. ඕකට Arnova8G2ගෙ build වල විසදුමක් දුන්නා, Phone model එකට හරියන configuration files වෙනම download කරලා දාන්න පුළුවන්. Click Here මේ link එකේ තියන Arnova’s Advanced 1.4/1.5 version දෙකෙන් එකක් අරගෙන phone model එකට ගැලපෙන config file එක අරගෙන apply කරන්න. ගොඩක් model වලට ඔය Advanced 1.5 version එක වැඩ කරාවි.

Google Camera Mods ගොඩක් වැඩ කරන්නේ Snapdragon SoC තියන phones වලට. Exynos, Kirin SoC වලට හදපු mods තියනවා ඒවා ගොඩක් වැඩ කරන්නෙ S9, S10, P20 Pro, Mate 20 Pro වගේ flagship model වලට. හොයාගන්න වෙනවා, මම උඩ දාලා තියන site එකෙත් තියනවා.
Xiaomi phone වලනම් පරණ models වලට Camera2API enable කරන්න ඕන වෙනම. මේ අවුරුද්දේ ඉඳන් එන phone model වලට Camera2API enable කරලමයි එන්නේ. Redmi 7, Redmi Note 7 වගේ Redmi series phone වල උනත් Camera2API enable කරල එන්නේ. ගිය අවුරුද්දේ ආපු Pocophone F1, Xiaomi Mi8, Mi8 SE, Mi Mix 2s වගේ model වලත් Camera2API enable කරල එන්නෙ.
ඒ phone වලට මොනවත් කරන්න ඕන නෑ, Google Camera Mod apk එකක් download කරලා ඒක install කරලා පාවිච්චි කරන්න තියෙන්නේ.
අනිත් (2019ට කලින්) පරණ model වලටනම් අපිටම Camera2API enable කරගන්න වෙනවා.