Dark Web? Deep Web? මොකක්ද මේ?






 


අපිට Web  එක කොටස් තුනකට බෙදල දක්වන්න පුළුවන්.


1.Surface Web 

2.Deep Web

3.Dark Web


Surface Web 

අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine තියනවනේ.මෙන්න මේ Search engine  වලින් Index කරන, ඒ කිව්වේ තේරෙන බාසාවෙන් කියනවනම් Search Engine වලට අහුවෙන වෙබ් අඩවි ඔක්කොම Surface Web  එකේ තියෙන්නේ කියලා කියනවා.


Deep Web...


අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine  වලින්  index කරන්නේ නැති , එහෙමත් නැත්තන් Search Engine  වලට අහුවෙන්නේ නැති වෙබ් අඩවි, වෙබ් පිටු සහ දත්ත Deep Web එකේ තියනවා කියලා අපි සලකනවා.


සරල උදාහරණයක් ගත්තොත් අපි ගමුකො විශ්වවිද්‍යාල හැම එකකම වගේ තියනවනේ ඒකටම හදපු Library System එකක්..අපිට මේ සිස්ටම් එකට ගිහින් Library  එකේ තියන පොත් ගැන විස්තර ගන්න පුළුවන්.හැබැයි අපිට නිකන් Google  හරි වෙන  search engine  එකක හරි search  කරලා මේ library  එකේ තියන පොත් ගැන විස්තර හොයාගන්න බෑනේ.

ඒ කියන්නේ  Library System එක ඉන්ටර්නෙට් එකට සම්බන්ද වෙලා තිබුනත් එක ඇතුලේ තියන දත්ත සහ තොරතුරු search engine වලින් හංගලා තියෙන්නේ..අන්න එතකොට ඒ  Library System එක ඇතුලේ තියන දත්ත සහ තොරතුරු අයිති වෙන්නේ Deep Web  එකට.


මම කිව්වොත් එහෙම අපි හැමෝම එදිනෙද ජීවිතයේදී හැමදාම වගේ මේ කියන Deep Web  එකට යනවා ඒක පාවිච්චි කරනවා කියලා..සමහරු පිළිගන්නෙත් නැති වෙයි නේද..


එත් ඇත්ත කතාව තමා අපේ Private Email Account  එක ගන්ඩකෝ.එකේ තියන Emails ටික Google Search කරල ගන්ඩ බෑනේ නේද..ඒ කියන්නේ අපේ email account  එකට ලොග් උනා කියන්නෙත් අපි Deep Web  එක පාවිච්චි කරනවා කියන එක..



එතකොට මේ Deep Web එක නරකයි එකට යන්ඩ එපා කියන්නේ බොරුවක්ද..




ඇත්තටම මේ කතාව පිටිපස්සේ තියෙන්නේ පටලැවිල්ලක්..Deep Web කියන්නේ අපිට එදිනෙද වැඩවලට ඕනේ කරන තැනක්.Deep Web කියල තැනක් නැතුව තිබ්බනම් අන්තර්ජාලය ඇතුලේ අපිට කිසිම Privacy එකක් නැතිවෙනවනේ..එහෙම හැමදේම Surface web  එකේ තියනවා කියලා හිතමුකෝ..එතකොට A කියල මනුස්සයෙක් ඉන්නවනම් අපි Google Search කරොත් A's emails  කියලා ඒ මනුස්සයට ඇවිත් තියන Emails  ටික ඔක්කොම පෙන්නන්ඩ ඕනේ..එහෙම උනොත් එහෙම අවුල් නේද..

ඒ කියන්නේ Deep web කියන්නේ අපිට අවශ්‍ය දෙයක්.


Dark Web..


ඔන්න දැන් අපි නමේ හැටියටම අන්තර්ජාලයේ ටිකක් අදුරු පැත්තක් ගැන කතා කරන්න යන්නේ..මන් අර කලින් කිව්වේ Deep web  එක හොද නෑ කියලා කියන්නේ පටලැවිල්ලක් නිසා කියලා.ඇත්තම කතාව අපි පරිස්සම් වෙන්න ඕනේ Deep Web එකට යනකොට නෙමෙයි Dark Web එකට යනකොට.අපි බලමු ඒ ඇයි කියලා.


අපි එදිනෙදා පාවිච්චි කරන Google, Yahoo ,Bing වගේ Search Engine  වලින්  index කරන්නේ නැති ,  වෙබ් අඩවි Deep Web එකට අයිති වෙද්දී ඒ Deep Web  එකේ තියන දේවල් අපේ සාමාන්‍ය Web Browser එකෙන් ගිහින් කිසි ප්‍රශ්නයක් නැතුව බලන්න පුළුවන්නේ.


හැබැයි Search Engine වලට අහු වෙන්නෙත් නැති අපි සාමාන්යෙන් පාවිච්චි කරන Chrome,Firefox  වගේ කිසිම webbrowser  එකකින් යන්නත් බැරි Websites ,Webpages  තියනවා කියලා කිව්වොත්..


ඔවු ඒ වගේ Websites ,Webpages තියෙන්නේ DarkWeb  එකේ කියලා අපි කියනවා.එතකොට මේ Dark Web කියලා කියන්නේ Deep Web එකේම එක කොටසක්.

 Source - Wikipidea                                    

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post