Google Drive එකට Telegram media Download කරමු !

 


අද ලිපියෙන් අපි කතාකරන්න යන්නේ නිතරම Films, TV Series එහෙම Telegram වලින් Download කරන අයට වටින දෙයක්.Telegram එකෙන් Download කරද්දී එන ලොකුම ප්‍රශ්න තමා speed එක...


සමහර ISPලා Telegram Download කරද්දී Speed එක Slow කරනවා..ලංකාවේ ISP ගැනනම් හරියටම කියන්න දන්නේ නෑ.


සමහර Network වල Telegram Download කරන්න බෑ


මෙන්න මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරක් හම්බ වෙනවා අපිට Telegram media ටික  Google Drive එකට Download කරගන්න ක්‍රමයක් තිබ්බනම්..ඒ කිව්වේ අපේ Computer එකේ Data use කරන්නේ නැතුව අපිට ඕනේ Telegram media  ටික අපේ Google Drive එකට Download කරගන්න පුලුවන්නම් වැඩේ හරි.ඊට පස්සේ අපිට ඕන වෙලාවට Google Drive එකෙන් අපේ Files ටික Download කරගන්න පුළුවන් 


ඒ වගේම මම අර කිව්ව  Network වල එහෙම Google Drive එකෙන් Download කරද්දී ලොකු Speed එකකින් Download කරන්නත් පුළුවන්.50MB/s විතර :-D



හරි ඒකට විසදුමක් තමයි මේ තියෙන්නෙ...


මේ ක්‍රමයෙන් වෙන්නෙ ටෙලිග්‍රෑම් බොට් කෙනෙක් හරහා  telegram file , Gdrive 

එකට send වෙන එක..


මුලින්ම මේකට ටෙලිගෑම් බොට් කෙනෙක් හොයාගන්න ඕනෙ...


ඉතින් මේ වැඩේට හරියන බොට් තමා @gdriveupme_bot

ඊට පස්සෙ බොට් ට login වෙන්න ඕනෙ..

ඒක කරන්නෙ

1./start
2./help
3./login

මේ විදිහට බොට්ට කමාන්ඩ් දෙන්න...

ඊට පස්සෙ මේ ලොගින් කියන එක දුන්නම එන authenticate එක අපි කරන්න ඕනෙ.. ඒක කරන්නෙ authenticate කියන එක click කරලා ඊටපස්සෙ එන ලින්ක් එක click කරන්න..

එතනින් එන permission allow කරන්න..එතකොට කෝඩ් එකක් එයි.
ඒ කෝඩ් එක කොපි කරල බොට් ට send කරන්න...

එතකොට චැනල් එකකට jion වෙන්න කියයි..ඒකට join වෙන්න ඒක එච්චර වැදගත් නෑ...බොට් ගෙ අප්ග්‍රේඩ් එහෙම එන්නෙ ඒ චැනල් එකට...

දැන් ආයෙ බොට් ට එන්න..එතකොට AUTHORIZED SUCCESSFULLY කියල තියෙයි...

ඊට පස්සෙ ඔයාට Gdrive  එකට uplod කරන්න ඕනෙ file එක බොට්ට send කරන්න විතරයි තියෙන්නේ.
ඊටපස්සෙ නොමල් විදිහට Gdrive එකෙන් අදාල file එක හොද speed එකකින් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...

Post a Comment

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post