සිනමා ලෝකය ගත්තම අපිට සිනමා පටවලින් කෙතරම් දුර යන්න පුලුවන්ද.. කෙතරම් අතීතයකට යන්න පුලුවන්ද... ලෝකයේ එදිනෙදා සිදුවෙන සාමාන්ය සිදුවීම් වල සිට අතීතයට, අනාගතයට වගේම අභ්යවකාශයට, විවිධාකාරයේ මානයන්ට, නානාවිධ ප්රබන්ධ ලෝකයන්ට නරඹන්නාව ගෙනයන්නට ඒවා සත්යාසන්නයෙන්ම නිර්මාණය හෝ ප්රතිනිර්මාණය කර විඳින්නට සලස්වන්නට වර්තමාන සිනමාවට හැකිවෙලා තියෙනවා.. ඉතින් මේ විදියට නරඹන්නන් වෙනුවෙන් ලෝකයන් මවන්නට කැමරාව පමණක් තිබීම ප්රමාණවත්ද... නෑ කොහෙත්ම නෑ.. ඒ වෙනුවෙන් නරඹන්නන්ට සිනමාපට තුලින් වඩාත් විශ්මයාන්විත අත්දැකීමක් ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය වූ තාක්ශණයන් ලෙසින් අපිට දෘශ්ය ප්රයෝග එහෙමත් නැත්නම් Visual Effects සලකන්නට පුලුවන්. ඉතින් සිනමාව නරඹන්නට මෙන්ම සිනමාව ගැන දැනගන්නට ආශාකරන අය වෙනුවෙන් මං සිනමාවෙ භාවිතා වෙන Visual Effects technologies ගැන ටිකක් කතාකරන්න හිතුවා.. ඉතින් මේ ගැන කතාකිරීමේ මුල්ම පියවර විදියට මං අරගන්නවා සිනමා නිර්මාණවල වඩා වැඩියෙන්ම යොදාගන්නා තාක්ෂණයක් වෙන Green screen තාක්ශණය.. ඇත්තටම මොකටද මේ Green Screen යොදාගන්නෙ.. මොකක්ද මේකෙන් කරන්න පුලුවන් දේවල් කියන දේ ගැන අපි මුලින්ම කතාකරමු..
ඔයාලා මතක් කරලා බලන්න ඔයාලා බලන චිත්රපටිවල පසුබිම් වල කොයිතරම් නම් ඓතිහාසික ස්ථාන (දැනට විනාශ වී ගොස් ඇති), අනාගත ගොඩනැගිලි, විනාශ වී ගිය නගර, විශ්මිත ආකාරයේ භූමි ප්රදේශයන්, විවිධාකාර ග්රහලෝකවල දර්ශනයන් තිබුනද කියලා.. අනිවාර්යෙන් සෑහෙන දැකලා ඇති. ඉතින් මේ වගේ භූමි දර්ශනයන්ගෙන් ඇතැම් ඒවා නිර්මාණය කරන්නට පුලුවන් හැකියැයි සිතුනත් බොහෝමයක් ඒවා චිත්රපටයක් වෙනුවෙන් නිර්මාණය කරනවා තබා හිතන්නට වත් බැරි ඒවායි.. හිතන්නකො අතීත ග්රීසිය ගැන චිත්රපටියකට පසුබිම විදියට ඇතැන්ස් නගරය ඕන.. නමුත් දැන් පවතිනවා වගේ නටබුන් උන නගරයක් නෙමෙයි.. ඇතැන්ස් ගොඩනගපු සමයේ පැවතුන ආකාරයෙන් නගරයක්.. ඉතින් චිත්රපට නිර්මාණ කණ්ඩායමට මේ චිත්රපටය රූගත කරන්න පසුබිම වෙනුවෙන් සම්පූර්ණ ඇතැන්ස් නගරයම නිර්මාණය කරන්න ඕනද... අපොයි නෑ.. ඔවුන්ට පුලුවන් පරිගණකය ආශ්රයෙන් නිර්මාණය කරපු ඇතැන්ස් නගරය ඇතුලත් පසුබිමක් ඔවුන් නලුනිලියන් යොදාගෙන රූගත කරන පසුබිම වෙනුවට යොදාගන්න.. සරලවම Green Screen තාක්ශණය කියන්නෙ මේකයි.. මෙලෙස පසුබිම් ආදේශ කිරීම වෙනුවෙන්ම නිර්මාණය උන Green Screen තාක්ශණය වර්තමානය වෙද්දි තවත් බොහෝ ඉසව් කරා පැතිරිලා තියෙනවා...එමගින් සතුන්,විවිධාකාර Costumes පවා නිර්මාණ වලට එකතුකරගන්න වර්තමානයේදි හැකිවෙලා තියෙනවා... ඉතින් මේ ආකාරයට දැන් නිර්මාණය වෙන සිනමාපට අතරින් වැඩි ප්රතිශතයක් අයත්වෙන Fantacy, Sci-fi කාණ්ඩවල සිනමාපට මෙන්ම ඓතිහාසික පසුබිමක් ඇති සිනමාපටවලත් මේ Green screen තාක්ෂණය බහුලව යොදාගන්නවා.. ඒ ඔවුන්ට පසුතල නිර්මාණවලට අධික වියදමක් නොදරා පහසුවෙන්ම ඒ දර්ශන ලබාගත හැකි නිසාවෙන්... වර්තමානයෙ ඉතාම ජනප්රිය Tv Series එකක් වූ Game of Thrones තුල පවා මේ තාක්ශණය බහුලව භාවිතා උනා...
හරි එහෙනම් ඊලඟට කෙනෙක්ට මතුවෙන්න පුලුවන් එක ප්රශ්නයක්....

ඒ තමයි ඇයි මේ වෙනුවෙන් කොලපාටම යොදාගන්නෙ? වෙන පාටක් යොදාගන්න බැරිද ? කියන ප්රශ්නය... ඉතින් ඒකට කියන්න තියෙන්නෙ අපිට ඕනම පාටක් background එක විදියට පාවිච්චි කරන්න පුලුවන්... නමුත් ඒ පාට අදාල දර්ශනයෙ ඉන්න ශිල්පීන්ගෙ ඇඳුම්, ඇස්, කොණ්ඩ, පාවිච්චි කරන ආයිත්තම් වලින් වෙනස් වෙන පාටක් වෙන්න ඕන.. ඉතින් මේ සඳහා වඩාත්ම ගැලපෙන සුදුසු පාට තරමක දීප්තිමත් කොලපැහැය නිසා එම වර්ණය සම්මතයක් විදියට මේ වෙනුවෙන් යොදාගන්නවා.. හැබැයි මේකත් හැම වෙලාවෙම හරියන්නෙ නෑ... අපි හිතමු දර්ශණයෙ කොලපාට ගෙම්බෙක් හෝ කටුස්සෙක් වගේ හිටියා කියලා.. අන්න ඒ වෙලාවට ඒ කොටස ඉවත්කිරීමේදි මේ ගෙම්බව හෝ උගෙ කොටසක් හරි Transparent වෙන්න පුලුවන්.. අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නෙ නිල්පාට.. එහෙමත් නැත්නම් Blue screen එකක්....ඉතින් මේකේ මූලිකම නීතිය වෙන්නෙ කිසිම ආකාරයක ගැලපෙන වර්ණ පසුබිම සහ Objects එහෙමත් නැත්නම් රංග වස්තු හා රංගන ශිල්පීන් සතුව නොමැති වියයුතු වීමයි..එහෙම වැරදිලා වත් තිබුනොත් ඒ කොටස් විනිවිද පෙනෙන තත්වයට පත්වෙන නිසා වහාම ක්රියාත්මක වන පරිදි ඒ කොටස් වල වර්ණයන් පසුබිම් වර්ණයට ගැලපෙන්නෙ නැති ආකාරයට වෙනස් කරලා ඉන්පසුවයි රූගතකිරීම් කරන්නෙ.. ඒකයි මේකේ මූලිකම දේ..
තව මේ Green Screen පාවිච්චි කරලා රූගත කිරීමේදි පිලිපදින්න ඕන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. අපි අවසාන වශයෙන් ඒ ගැනත් කතාකරමු..
ඔන්න මේ තමයි Green Screen තාක්ශණය ගැන සම්පූර්ණ විස්තර එකතුව.. පහතින් green screen කිරීමට ප්රථම සහ අවසන් දර්ශනයන් ඇතුලත් පින්තූර පෙලක් දාන්නම්. එහෙනම් ඉතින් ඉදිරියට තවත් තාක්ශණයන් ගැන ලිපි අරන් එන්න බලාපොරොත්තු වෙනවා.. හැමෝටම ජයවේවා...!!
Source - Facebook සිනමා තක්සලාව-The Film School