Facebook එහි Tag නොකරන ලද පරිශීලකයන් පවා හඳුනා ගන්නා මුහුණු හඳුනාගැනීමේ විශේෂාංගයක් 2019 දී හදුන්වාදුන් අතර 2021 දී එම පද්දතිය ඉවත්කිරීමට තීරණය කල ඇත. සමාගම පවසන්නේ තම නිශ්පාදන වල මුහුණු හදුනාගැනීමේ භාවිතාවන් සීමා කිරීමට ගත් උත්සහයක් බවයි.
Facebook ඉදිරිසති කිහිපය තුලදී මෙම විශේෂාංගය ඉවත් කිරීමට තීරණය කර ඇති අතර Facebook තුල තවදුරටත් ස්වයංක්‍රීයව මුහුණු හදුනාගැනීමේ ක්‍රමෙව්දය තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත. මෙම වෙනස් කිරීම තාක්ෂණික ඉතිහාසයේ විශාලතම facial recognition පද්දතියක් ඉවත් කිරීමේ පළමු අවස්ථාව ලෙස හැදින්වේ. මෙම පද්දතිය ඉවත් කිරීම Facebook තුල ඇති Image වල Alt Txt සදහාද බලපානු ඇත. (මෙම Alt TXT මගින් දෘශ්‍යාබාධිත පුද්ගලයින් සදහා ඡායාරූපය විස්තර කිරීම මෙන්ම SEO සදහා යොදා ගැනේ
වැදගත්ම කරුණ නම් Facebook, Meta බවට පත්වීමෙන් පසු සිදුකරන ලද පළමු වෙනස් කිරීම මෙය වන අතර Meta සමාගම කියාසිටින්නේ අනාගතයේදී facial recognition පද්දති පරිශීලකයිගේ පෞද්ගලිකත්වය හදුනාගැනීම හා අගුලු දමා ඇති ගිණුමකට ප්‍රවේශය ලබා ගැනීම වැනි පෞද්ගලික දේ සදහා පමණක් යොදාගන්නා බවයි.
Via : Beebom , Facebook / Images : blacktechdaily
source banzgeek.com