MediaTek හි AI සැකසුම් ඒකකයේ සහ ශ්‍රව්‍ය ඩිජිටල් සංඥා ප්‍රොසෙසරයේ (DSP) මත ඇතිවූ දෝශ කිහිපයක් අණාවරණය කරගැනීමට පර්යේෂකයින් පිරිසක් සමත් වී තිබේ. එමගින් හැකර්වරුන්ට Android දුරකතන වල ඔත්තු බැලීම සදහා malicious code එකක් ඇතුලු කිරීමට හැකියාව ලැබී ඇත.
හැකර්වරුන්, පරිශීලකයින් හට පහසුවෙන් Google Playstore වෙතින් Malicious යෙදුමක් බාගත කිරීමට සලස්වා Audio Drivers සමග permissions ලබාදීමට කටයුතු කරනු ලබයි. ඉන්පසුව හැකර්වරුන් හට දුරකතනයේ සංවාද සියල්ල ඇසීමේ හැකියාව පවතී.
MediaTek බලගන්වන Xiaomi, Vivo, Oppo, Realme සහ තවත් දුරකථන ගණනාවක් මෙම දුර්වලතාවයට නතුව ඇත. Mediatek වෙත දැනුම් දීමෙන් පසු එහි ඇති දුර්වලතා නිරාකරණය කිරීමට ඔවුන් කටයුතු කර ඇති අතර නිල ප්‍රකාශයක් නිකුත් කරමින් MediaTek හි නිෂ්පාදන ආරක්ෂක නිලධාරි Tiger Hsu පවසන්නේ, මෙම DSP අවධානම සම්බන්දයෙන් සමාගම කටයුතු කරමින් සිටින බවත් දැනට දත්ත කාන්දුවීමක් වාර්තා වී නොමැති බවයි. Tiger Hsu පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ දුරකතනයට Google Play Store වැනි විශ්වාසවන්ත ස්ථානවලින් පමණක් Apps ලබාගන්නා ලෙසයි.
කෙසේවෙතත් Mediatek හි කුමක Chip කාණ්ඩ මේ දෝශයට නතුවූයේ දැයි තවමත් කිසිදු පුවත් සේවයක් වාර්තාකර නැත.
Via : Beebom / Images : Gizchaina
from Banzgeek